අද ඉඳන් මේ බදු නොගෙව්වොත් වෙන්නේ මේකයි - දැඩි පියවරක්
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මඟින් කසල බදු නොගෙවන ව්‍යාපාරික ස්ථානවලින් දෛනිකව එකතු වන කැලි කසල එකතු නොකිරිමට අද (08) දින සිට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මධ්‍යම පළාත් පාලන ආයතනය මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛණයක් අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මඟින් තම බල ප්‍රදේශයේ ව්‍යෘපාරික ස්ථානවලින් මසකට රු.200ක් බැගින් වාර්ෂිකව රු.2400ක මුදලක් කසල බද්ද ලෙස නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ගෙවන ලෙසට දැනුවත් කර ඇත.
එසේ තිබියදී බගවන්තලාව නගරයේ වෙළද සංගමය එම බද්දට විරුද්ධව විරෝධය පාමින් වෙළදසැල් වසා දමා ඉකුත්දා උද්ඝෝෂණයක නිරත විය.
ඒ අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මඟින් කසල බදු නොගෙවු බගවන්තලාව නගරයේ වෙළදසැල්වල බදු මුදල් නොගෙවූ ස්ථානවලින් කැලි කසල භාර ගැනීම එම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ මඟින් ප්‍රතික්ශේප කිරිම හමුවේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් විසින් අද (08) දින ගොස් එම කසල බද්ද ගෙවු බවට එම ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ කැලි කසල වෙන් කර ලබා දෙන ලෙස බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව තම නගර සභාවෙන් කොතෙක් දැනුවත් කළ ද එම ක්‍රමය අනුගමනය නොකරන බවයි.