ලංකාවට තවත් මාරකයක් - දැනටමත් එක් අයෙක් මැරිලා 18ක් ලෙඩින්

Report

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් සමරසේකර මහතා විසින් මිනුවන්ගොඩ කොට්ඨාසයේ ගංවතුරට යටවූ ප්‍රදේශවලින් මී උණ රෝගීන් 18 දෙනෙකු සහ එක් රෝගී මරණයක් වාර්තා වී ඇති බව වාර්තා කරයි.

ඒ අනුව වෛද්‍ය සමරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම රෝගීන් සහ මියගිය පුද්ගලයා ගොවියන් නොවන බවයි. ඒ ඉකුත් ජල ගැලීම්වලදී ගං වතුරේ බැස ගැවසුණු අයවලුන් බව ඔහු පවසයි.

මාරාන්තික ලෙඩක් හිස ඔසවයි - ජනතාව ප්‍රවේශම් වන්න

මාරාන්තික ලෙඩක් හිස ඔසවයි - ජනතාව ප්‍රවේශම් වන්න

එමෙන්ම ඔහු සඳහන් කළේ මී උණ වැළඳීමෙන් මියගිය පුද්ගලයා ද ගංවතුරේ බැස සිටි අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු බවත් අනෙකුත් රෝගීන්ද වයස අවුරුදු 50 ට වැඩි පිරිමි පුද්ගලයන් බවයි.

විශේෂයෙන් මිණුවන්ගොඩ කොට්ඨාසයේ ගංවතුරට යටවූ අස්ගිරිය, කොටුගොඩ, ඕපාත, ඇතුළු ඒ අවට ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වූ බවද වෛද්‍ය දයාන් සමරසේකර මහතා අනාවරණය කර ඇත.

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

ගංවතුරක් එනවා - පෙර සූදානම් වන්න - පූර්ව අනතුරු ඇඟවීම මෙන්න

ගංවතුරක් එනවා - පෙර සූදානම් වන්න - පූර්ව අනතුරු ඇඟවීම මෙන්න