නෝර්වේ රජ පවුලටම කැළලක් - ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවම් - හේතුව මෙන්න

Report

නෝර්වේ ඔටුන්න හිමි කුමරිය වන මෙට්-මාරිට්ගේ 29 හැවිරිදි පුත්‍රයා වන මාරියස් බෝර්ග් හොයිබි, ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වී ඇත.

ඒ වසර හතරක සිර දඬුවමක් නියම වීමත් සමඟින්.

ඔස්ලෝ දිස්ත්‍රික් උසාවියේ 250 වන අධිකරණ කාමරයේ විනිසුරුවන් තිදෙනෙක් විසින් ඔහුව තවත් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකින් නිදහස් කළත්, ඔහුට චෝදනා එල්ල වී තිබූ තවත් බොහෝ වැරදි සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බව තීරණය ක‍ර තිබෙනවා.

මේ අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන විට හොයිබි අධිකරණයේ නොසිටිය ද ඔහු වීඩියෝ සබැඳිය හරහා සැසියට එක්ව ඇත. අභිචෝදකයින් විසින් හොයිබිට වසර හතකුත් මාස හතක සිර දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර ඔහුගේ විත්තිකාර නීතිඥයින් මාස 18 ක අඩු කාලයක් ඉල්ලා සිටියා.

හෙලිකොප්ටර් දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - සියලු දෙනා ජීවිතක්ෂයට - මිය ගිය අය අතර සුප්‍රසිද්ධ ගායකයෙක් සහ ලෝක ප්‍රකට යූ ටියුබ්කරුවෙක්

හෙලිකොප්ටර් දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - සියලු දෙනා ජීවිතක්ෂයට - මිය ගිය අය අතර සුප්‍රසිද්ධ ගායකයෙක් සහ ලෝක ප්‍රකට යූ ටියුබ්කරුවෙක්

මාරියස් බෝර්ග් හොයිබිගේ මව ඔහුට වයස අවුරුදු හතරේදී රාජකීය පවුලකට විවාහ වූ අතර, ඔහු පවුල තුළ හැදී වැඩුණද, ඔහු රාජකීය චරිතයක් නොවීය.

එමෙන්ම මෙට්-මාරිට් පෙනහළු ෆයිබ්‍රෝසිස් රෝගයෙන් ඉතා රෝගාතුරව සිටින අතර මෑතකදී පෙනහළු බද්ධ කිරීමේ ලැයිස්තුවට ද ඇතුළත් කර ඇති බව සඳහන්.

ඇගේ පුතාගේ නීතිඥයින් ‍යළි යළිත් ඔහුව සිරෙන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටියේ ඔහුගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ඔහුට ඔහු සමඟ කාලය ගත කිරීමට හැකි වන ලෙසයි.

ලෝක යුද්ධේ අවසන්.. මුළු ලොවටම සැනසුමක් දෙමින් ඓතිහාසික සාම එකඟතාවය නිල වශයෙන් ප්‍රකාශ කරයි

ලෝක යුද්ධේ අවසන්.. මුළු ලොවටම සැනසුමක් දෙමින් ඓතිහාසික සාම එකඟතාවය නිල වශයෙන් ප්‍රකාශ කරයි

අඳාළ නඩු විභාගයේ විනිසුරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන විනිසුරු ජෝන් ස්වර්ඩ්‍රප් එෆ්ජෙස්ටාඩ්, තීන්දුව පැහැදිලි කරන පිටු 128 ක තීන්දුවක් ලබා දීමට පෙර, ඔවුන්ගේ නිගමනවල සාරාංශයක් සමඟින් අලුයම සැසිය ආරම්භ කරන ලදි.

මෙහිදී හොයිබි දූෂණ චෝදනා හතරම ප්‍රතික්ෂේප කර තිබුණද, විනිසුරුවන් ඔහුව වරදකරු කළේ 2018 දී ස්කෞගම් හි ඔටුන්න හිමි කුමරුගේ වතුයායේ සහ 2024 දී ඔස්ලෝහි කාන්තාවක් සම්බන්ධ තවත් කාන්තාවක් ඇතුළුව කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවටයි.

අමෙරිකාවේ දරුණු ගුවන් අනතුරක්- 12 දෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ දරුණු ගුවන් අනතුරක්- 12 දෙනෙක් ජීවිතක්ෂයට