දිට්වා සුළි කුණාටුවෙන් පසු උතුරු දුම්රිය යළි ධාවනය වෙයි
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී ඇති අතර, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට හැකි බවයි.
ඒ අනුව, එළැඹෙන 9 වැනිදා සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යළි ආරම්භ වේ.
පසුගිය අප්‍රේල් 4 වැනිදා සිට, පෙරවරු 05.15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රියට සහ පස්වරු 01.50ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට ආසන වෙන් කිරීමේ පහසුකම් ලබා දී ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.