උඩු ගුවනින් ආ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර.. ඒ මෙන්න මෙහෙමයි..

Report

අද(29), ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්නපත්‍ර නැවත රැගෙන ඒම සිදු කළේ ය.

ඒ අනුව අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් කල්දමා ඇති අපොස උසස්පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර එලෙස රැගෙන එනු ලැබීය.

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මඟින් ය.

බෝග හානියට රජයෙන් වන්දි ලැබෙන හැටි මෙන්න..(VIDEO)

බෝග හානියට රජයෙන් වන්දි ලැබෙන හැටි මෙන්න..(VIDEO)

ඒ අනුව උතුරු පළාතේ ඩෙල්ෆ්, වෙල්ලඩි, නාගදීපය යන ප්‍රදේශන් හි පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන්හි සිට නැවත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත එම ප්‍රශ්නපත්‍ර රැගෙන ඒම සිදු විය.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වු ප්‍රදේශයන් හි නිරීක්ෂණ රාජකාරීන්වල තවදුරටත් නිරතව සිටි.

එමෙන්ම, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ජනතාව වෙත සහන සැලසීමට මෙන්ම මුඳවා ගැනිමේ රාජකාරින් සඳහා ද සුදානම්ව සිටියි.

You May Like This Video👇 

.