බෝග හානියට රජයෙන් වන්දි ලැබෙන හැටි මෙන්න..(VIDEO)

Report

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ බෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බවයි.

ඒ මහතා සඳහන් කළේ, වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බව ය.

ඒ අනුව අක්කරයක් සඳහා රු 40,000ක උපරීමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

හදිසියේම, පැය 18ක ජල කප්පාදුවක් - ප්‍රදේශ ටික මෙන්න..

හදිසියේම, පැය 18ක ජල කප්පාදුවක් - ප්‍රදේශ ටික මෙන්න..

රට තුළ අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව වගා හානි පිළිබඳ දත්ත රැස්කර, එම වන්දි ගෙවීම සිදුකරන බව ද ඔහු කියා සිටියේ ය.

එසේම, විනාශ වී ඇති, පැළ ගොයම සඳහා ගොවීන්ට නොමිලේ බිත්තර වී ලබාදීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ඉහත දැක්වූ බෝග හැරුණු කොට උඩරට හා පහතරට එළවළු ගොවීන්ට හා පලතුරු ගොවීන්ටත් විශාල වශයෙන් හානි සිදුව ඇති බවත් ඔවුන්ටත් යම් සහනයක් ලබාදීමට නියමිත බවත් ය.

You May Like This Video👇 

.