වැලිකඩට මත්ද්‍රව්‍ය ගෙන යාමට තැත් කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

By Mithu Sep 14, 2026 11:29 AM GMT
Report

සපත්තු තුළ සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරකට අනුව වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට සමත්ව ඇත.

"රෝගීන් රෝහල්වලට නොයවා මරණයට තල්ලු කරනවා" – ඇඹිලිපිටිය සුවකිරීම් මධ්‍යස්ථානයට විරුද්ධව හිමිවරුන් හඬ අවදි කරයි

"රෝගීන් රෝහල්වලට නොයවා මරණයට තල්ලු කරනවා" – ඇඹිලිපිටිය සුවකිරීම් මධ්‍යස්ථානයට විරුද්ධව හිමිවරුන් හඬ අවදි කරයි

අත්අඩංගුවට ගත් සැකකාර බන්ධනාගාර නියාමකවරයා පැළඳ සිටි සපත්තු තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් සහ හෙරොයින් ග්‍රෑම් 16.7ක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර නිලධාරියා සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

හෙට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ''ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි පළාත් මෙන්න.''

හෙට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ''ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි පළාත් මෙන්න.''

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.