සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට නව තනතුරක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන සනත් ජයසූරිය, 'Global Housing & Real Estate (Pvt) Ltd' (GHR) ආයතනයේ සන්නාම තානාපතිවරයා ලෙස පත් කර ඇත.
ඒ, එම දේපළ සංවර්ධන සමාගම ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ඔස්සේ සිය සුඛෝපභෝගී දේපළ ව්‍යාපෘති පුළුල් කිරීමට සූදානම් වන පසුබිමකදීය. "ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කළ පාර්ශව දෙකක් - නව ආරම්භයක්" (Two Gamechangers, A New Beginning) යන තේමාව යටතේ මෙම හවුල්කාරිත්වය කොළඹදී නිවේදනය කෙරිණි.
දකුණු වෙරළ තීරය ඔස්සේ නව උස් ගොඩනැගිලි ව්‍යාපෘතියක් දියත් කිරීම ඇතුළුව, සමාගම සිය ව්‍යාප්තියේ මීළඟ අදියරට පිවිසෙමින් සිටින මොහොතක මෙම හවුල්කාරිත්වය ඇති කරගත් බව GHR ආයතනය සඳහන් කළේය.
"අනාගතය දෙස බලන විට, ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳව ඉඟියක් ලබා දීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. GHR ආයතනය දකුණු වෙරළ තීරයේ සුවිශේෂී උස් ගොඩනැගිලි ව්‍යාපෘතියක් එළිදැක්වීමට සූදානමින් සිටිනවා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ජීවන රටාව සහ ආයෝජන ක්ෂේත්‍රය තුළ නව ප්‍රමිතියක් ස්ථාපිත කරනු ඇති බවට මට විශ්වාසයි," යනුවෙන් ජයසූරිය පැවසීය.