වෙළෙඳසැල් තුනක හදිසි ගිනි ගැනීමක් - ගිනි නිවන රථ වහාම පිටත් වේ

Report

මහව නගරයේ පිහිටි පරිගණක උපාංග අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් තුනක අද (14) පස්වරු 12:45ට පමණ හදිසි ගිනිගැනීමක් හටගෙන තිබේ.

ගින්න පැතිර යාම වැළැක්වීම සහ තත්ත්වය පාලනය කිරීම සඳහා මහව ප්‍රාදේශීය සභාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.

දිවයිනේ පළාත් රැසක් ආවරණය කරමින් විශේෂ සතියක්

දිවයිනේ පළාත් රැසක් ආවරණය කරමින් විශේෂ සතියක්

මේ අතර, හටගත් ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන රථ ද වහාම මහව නගරය බලා පිටත් කර යැවීමට පියවර ගත් බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.

ගින්නට හේතුව සහ සිදුවූ අලාභහානි පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය සහ ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි