ලොකු ලූනු ගොවීන්ට අලුත් බලාපොරොත්තුවක්- අක්කරයකට ලක්ෂ 10ක් යන වියදම කපන්න කෘෂිකර්මයෙන් සුපිරි වැඩක්

By Kanchana Sep 14, 2026 11:38 AM GMT
Report

දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත .

ඒ අනුව ක්‍රියාත්මක බිංදු ජල සම්පාදන වැඩසටහන හරහා ලොකු ලූනු ගොවීන්ට ඉහළ අස්වැන්නක් මෙන්ම වැඩි ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

දේශීය ලොකු ලූනු වගාවේ නිෂ්පාදන වියදම අවම කරමින් අස්වැන්න ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

නිෂ්පාදන වියදම ඉහළ යාම සහ ආනයනික ලොකු ලූනු සමඟ ඇතිවන තරගකාරී තත්ත්වය හේතුවෙන් ගොවීන් ලොකු ලූනු වගාවෙන් ඉවත්වීමේ අවදානමක් මතුව ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ‘පුනරුදයට අරුණළු’ ජාතික කෘෂිකර්ම වැඩසටහනට සමගාමීව ලොකු ලූනු වගාව නඟාසිටුවීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඉන්ධන මිල ගැන සප්තැම්බර් අගදී තීරණාත්මක පියවරක් - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්

ඉන්ධන මිල ගැන සප්තැම්බර් අගදී තීරණාත්මක පියවරක් - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්

ලොකු ලූනු අක්කරයක් වගා කිරීම සඳහා රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැයවන අතර, කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදමද ඉහළ මට්ටමක පවතී.

මේ වනවිට මාතලේ, අනුරාධපුර, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ලොකු ලූනු වගාව වැඩි වශයෙන් සිදුකෙරේ.

එම දිස්ත්‍රික්කවල තෝරාගත් ගොවීන් සඳහා බිංදු ජල සම්පාදන පද්ධති සහ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප ලබාදීමටත්, බීජ නිෂ්පාදනය සඳහා වැසි ආවරණ පහසුකම් සැපයීමටත්, ලොකු ලූනු බීජ සහන මිලට ලබාදීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.