උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්..ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න.

World American Russian North Korean
By Aruna Sep 20, 2021 05:41 AM GMT
Aruna

Aruna

Report

අමෙරිකානු සන්ධානය, ඕස්ට්‍රේලියාව සමඟ මෑතක දී එළැඹුණු න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම, ඉන්දු - පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයකට මුල් වෙනු ඇති බවට උතුරු කොරියාව පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එලෙස පසුගිය සතියේ එළැඹුණු ගිවිසුම මඟින් ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන සැපයීමට අමෙරිකාව කටයුතු කරනු ඇති.

කෙසේ නමුත්, එම ගිවිසුම ප්‍රංශය ඇතුළු බටහිර සන්ධානයේ ඇතැම් රටවල ද විවේචනයට ලක් වෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අදාළ ගිවිසුම ආසියා පැසිෆික් කලාපයේ ක්‍රමෝපාය සමබරතාව අනතුරුදායක තත්ත්වයකට පත්කරනු ඇති බවයි.

එමෙන්ම, ජාත්‍යන්තර න්‍යෂ්ටික අවිහරණයට එරෙහි ප්‍රධානතම බලවේගය අමෙරිකා එක්සත් ජනපදය බව මින් පැහැදිලි වන්නේ යැයි උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය කියා සිටියා.

චීනය විසින් ද මෙම ගිවිසුම දැඩි ලෙස හෙලා දකිනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now