ආයෙත් පැය ගාණක් ලයිට් කපයි ද? - විදුලිබල මණ්ඩලයෙන් පණිවිඩයක්

Report

නොරොච්චෝලේ පිහිටි ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය නිවේදනය කරයි.

මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට අහිමි වී ඇති බව සඳහන් වේ. නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීය තත්ත්වයේ පවතින අතර, එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබේ.

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, සාමාන්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් පසුගිය නොවැම්බර් 3 වන දින ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර, දෙසැම්බර් 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් දෝෂයක් හේතුවෙන් අක්‍රීයවී ඇති බවයි.

මේ වන විට, ජනන යන්ත්‍ර දෙකම අලුත්වැඩියා කටයුතු යටතේ පවතින අතර, ලබන ජනවාරි මාසයේ පළමු සතිය තුළ ඒවා යළි සක්‍රීය කිරීමට සැලසුම් කර ඇත. කෙසේවෙතත්, ජල විදුලිය මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදුවන බැවින්, දෛනික විදුලි සැපයුමට කිසිදු බාධාවක් සිදුවන බවත් ලංකා විදුලි බලමණ්ඩලය නිවේදනය කර ඇත.

හෙට කොළඹට එන අයට විශේෂ නිවේදනයක් - නොදැන ආවොත් අමාරුවේ

හෙට කොළඹට එන අයට විශේෂ නිවේදනයක් - නොදැන ආවොත් අමාරුවේ