ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොර ආහාර හා ඖෂධ වලට වෙනදේ

medicine vitamin registration food supplement colocasiferone
By Sewvandhi Jul 12, 2021 10:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම් කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඖෂධ නියාමන අධිකාරියෙහි ලියා පදිංචි කොට ඇති “කෝලකැල්සිෆෙරොල්”නමැති ඖෂධීය නාමයෙන් යුත් විටමින් ඩී – 3 අඩංගු ඖෂධ සහ එන්නත් වර්ග 19 ක් දැනට අලෙවිය පිණිස ඖෂධ ශාලාවල තබා ගැනීමට හැකි බවත්, එම වර්ගයන්ට අයත් නොවන අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සියල්ල ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කරමින් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය සදහන් කරනවා.

මෙලෙස ලියා පදිංචි කොට ඇති ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයන් මත නිකුත් කෙරෙන නමුත් අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයන් නොමැතිව ජනතාවට ලබා ගත හැකිවීමෙන් විවිධ සංකූලතා ඇති විය හැකි බවයි ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසුවේ.

ඖෂධ නියාමන අධිකාරියෙහි ලියා පදිංචි නොකළ , අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සොයා බැලීමකින් තොරව අලෙවිය පිනිස තබා ගැනීමෙන් වලකින ලෙස ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now