බස්නාහිර බස් ගමන්කරුවන්ට යළි අවවාද නැහැ - කෙලින්ම දඩ

Report

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කළේ ඊයේ දිනයේ සිට බස්නාහිර පළාත තුළ බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා බස් තුළ ගමන් ගන්නා මගීන්ට නීති දැඩි වන බවයි.

මෙම බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පසුගිය පළමුවැනිදා සිට අනිවාර්ය කෙරිණි.

ඒ අනුව පසුගිය සති දෙකක කාලය තුළ බස් රථවල ප්‍රවේශ ලබා දීම නිසි පරිදි වනවාද යන්න පරික්ෂා කර ඇත.

ඉෂාරා සෙව්වන්දිගේ අනන්‍යතාවය තහවුරුයි - ඉෂාරා සෙව්වන්දි CCDයට

ඉෂාරා සෙව්වන්දිගේ අනන්‍යතාවය තහවුරුයි - ඉෂාරා සෙව්වන්දි CCDයට

එම කාල සීමාවේ කොන්දොස්තරවරුන්ට අවවාද කිරීම සිදු විය. මෙම නීතිය කඩකරන කොන්දොස්තරවරුන් දින තුනක වැඩ තහනමකට ලක් කරනු ඇත.ඒවගෙම කොන්දොස්තරවරුන්ට දඩ මුදලක් ගෙවීමට ද සිදුවේ.

වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගගන දඩය මෙන්න

වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගගන දඩය මෙන්න

තවද ටිකට්පත් තමා ළග තබා නොගන්නා මගීන්ට ද දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මෙම නීතිය කඩකරන කොන්දොස්තරවරුන්ට මෙන්ම මගීන්ට ද ඊයේ දිනයේ සිට වඩාත් තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත .