වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගගන දඩය මෙන්න
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ, අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව ගත් නීතිමය ක්‍රියාමාර්ගවලින් රුපියල් මිලියන 25කට අධික දඩ මුදලක් අයකරගෙන ඇති බවයි.
මෙම දඩ මුදල් අයකර ගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් 01 සිට සැප්තැම්බර් 30 දක්වා මාස 06ක කාලය තුළ සිදුකළ වැටලීම් මගිනි.
එම කාලපරිච්ඡේදය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් සංඛ්‍යාව 306ක් වන අතර, ඒ අතරින් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදුව තිබේ.
ඉදිරියේදී ද මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.