අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්
By Kaushi
ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (9) දින උදෑසන 10.00 සිට සවස 8.00 දක්වා කාලය තුළ ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන කලාපවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු බවට ඒ අනුව සඳහන් කර ඇත.
ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත්තේ නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා වන සම්ප්‍රේෂණ නළයක පිරිසිදු කිරීමේ සහ විෂබීජහරණ කටයුත්තක් වෙනුවෙන්.