"වැටුප් වැඩි කළේ නැහැ.. ඉන්ධන දීමනාව විතරයි වත්මන් මිලට හැදුවේ" - රජයෙන් හෙළිදරව්වක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුප වැඩි කර නොමැති අතර, ඉන්ධන දීමනාව වර්තමාන ඉන්ධන මිලට අනුව සංශෝධනය කිරීම හේතුවෙන් පමණක් ඔවුන්ට ලැබෙන මුදලේ යම් වැඩිවීමක් සිදුවී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන් සඳහා එම දීමනාව වර්තමාන ඉන්ධන මිලට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවයි.

ඒ අනුව, ඉන්ධන දීමනාව ලබන සියලු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම දීමනාවේ සංශෝධනය හේතුවෙන් ලැබෙන මුදලේ යම් වැඩිවීමක් සිදුවී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

ඩිජිටල් පද්ධති යාවත්කාලීන කිරීමක් නිසා මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ඩිජිටල් පද්ධති යාවත්කාලීන කිරීමක් නිසා මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්