මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගැන අසත්‍ය පුවතක් පැතිරෙයි - ජනතාව දැනුවත් වෙන්න

Report

අගරදරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ පවසන්නේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2026 අගදී සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බවයි.

මේ පිළිබඳ අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අගරගුරු පදවිය පිළිබඳ තීරණ ගනු ලබන්නේ වතිකානුව මඟින් වන බවය. කතෝලික සභා නීති අනුව අගරදගුරු වරයෙකුට වයස අවුරුදු 80ක් පිරෙන විට විශ්‍රාමය සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වුවද, එම තීරණය අවසානයේ ගනු ලබන්නේ පාප්වහන්සේ විසින්ය.

ඒ අනුව, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ලබන වසරේදී වයස අවුරුදු 80ක් පිරුණද, ඔහුගේ විශ්‍රාමය සම්බන්ධයෙන් කිසිදු නිල තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව ද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධාන නායකත්ව පරිවර්තනයක් මේ වසර අවසානය වන විට සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරමින් ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.