"මැයි දිනයට විශාල රැලි තියලා වැඩක් නෑ"
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනය වෙනුවෙන් විශාල රැස්වීමක් පැවැත්වීම ප්‍රයෝජනයක් නැති බව පවසනවා.
ගාල්ලේ පැවැති ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට පෙර අවසන් නිවාඩු දිනය මැයි පළමු වනදා බවත්, ඒ අනුව මැයි පළමුවැනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ 06 වැනිදා ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය පෙන්විය හැකි බවයි.