මේ අවුරුද්දේ ආයේ පොලී අනුපාතික ඉහළ දාන්නේ නෑ - මහ බැංකු අධිපතිගෙන් රටටම සුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉකුත් මැයි මාසයේදී සිදු කරන ලද අනපේක්ෂිත සහ සැලකිය යුතු පොලී අනුපාතික ඉහළ නැංවීමෙන් අනතුරුව, මෙම වසර තුළ තවදුරටත් පොලී අනුපාතික ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සම්මුඛ සාකච්ඡාවකදීයි.

එහිදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මැයි මස ගත් තීරණය හරහා අපේක්ෂිත පරිදි ආර්ථිකය හැඩගැසෙමින් පවතින බවයි.

එසේම ඉරාන යුද්ධය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යෑම නිසා ජූලි මාසයේදී උද්ධමනය 7.3% දක්වා වැඩි වුවද ලබන වසරේ මුල් භාගය වන විට උද්ධමනය නැවත 5%ක ඉලක්කගත මට්ටමට පත් වනු ඇති බවට මහ බැංකුව අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

එසේම ඔහු ප්‍රකාශ කර ඇත්තේ උද්ධමනය 7% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බැවින්, මැයි මාසයේදී පදනම් ලකුණු 100කින් පොලී අනුපාතිකය ඉහළ නැංවීම කඩිනම් සහ ක්‍රියාකාරී පියවරක් වූ බවයි.

කෙසේ වෙතත් මහ බැංකුව ගෝලීය අභියෝග සහ බලශක්ති අර්බුද හමුවේ වුවද, මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4%ත් 5%ත් අතර අගයක් ගනු ඇති බවට පුරෝකථනය කරන බව සඳහන්.

එසේම ඉහළ යන ඉන්ධන ආනයන පිරිවැය හමුවේ රටේ බාහිර ගිණුම් ආරක්ෂා කර ගැනීමට, මේ වසර අවසන් වන විට මහ බැංකුවේ දළ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවත් නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ. 

සුළු මොහොතකට පෙර අද දිවයිනටම වලංගු වන පරිදී නිවේදනයක් - මේ අයට 2න් පසු ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර අද දිවයිනටම වලංගු වන පරිදී නිවේදනයක් - මේ අයට 2න් පසු ගිගුරුම් සහිත වැසි

"උඹලට ඕන වුණේ මාව හිරේ යවන්නනේ ඔන්න පිළියන්දල බන්ධනාගාරයක්ම දුන්නා දැන්වත් සතුටු වෙයල්ලා!" MR කොත්තුගෙන් සැර ප්‍රකාශයක්

"උඹලට ඕන වුණේ මාව හිරේ යවන්නනේ ඔන්න පිළියන්දල බන්ධනාගාරයක්ම දුන්නා දැන්වත් සතුටු වෙයල්ලා!" MR කොත්තුගෙන් සැර ප්‍රකාශයක්