සුළු මොහොතකට පෙර අද දිවයිනටම වලංගු වන පරිදී නිවේදනයක් - මේ අයට 2න් පසු ගිගුරුම් සහිත වැසි
2026 අගෝස්තු මස 12 දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.
ඒ අනුව එහි සඳහන් වන්නේ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වෙන බවයි.
එසේම සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගම්පහ, කොළඹ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
එමෙන්ම ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.