ඉතිහාසයේ ප්‍රථම වරට නත්තලේදී සිරකරුවන්ට පොදු සමාවක් නැහැ
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර නත්තලේදී සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට නොහැකි වීම විශේෂත්වයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය පිළිබඳව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් චන්දන වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු අනාවරණය කළේ, තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් නත්තලේදී සිරකරුවන්ට පොදු සමාව ලබාදීම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි.
අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂිත කරුණු ඇතුළත් වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති අතර, එම වාර්තාව දැනටමත් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිරකරු පොදු සමාව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි බන්ධනාගාර නිලධාරීහු අපේක්ෂා කරති.