වෙනස් ජාතීන් දෙකක් එකතු වුණාම ආදරය කරන්න ලේසියි, මම ආදරය කරන්නෙත් සිංහල කෙනෙකුට-නිරංජනී ෂන්මුගරාජා (PHOTOS)

By Sithumi Apr 18, 2023 10:03 AM GMT
Sithumi

Sithumi

Report

පේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී දමිළ රංගන ශිල්පිනියක් තමයි නිරංජනී ෂන්මුගරාජා කියලා කියන්නේ. ඒ වගේම ඇය නිවේදනයට වගේම නර්තනයටත් ඉතාම දක්ෂයි. 

ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා අපිට වැඩිපුර අහන්නට දකින්නට ලැබෙන වර්තමාන සමාජයේ ආදර කතා ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ආදරේ කරන දෙන්නෙකුට ප්‍රශ්න එන්නේ ඒ දෙන්න අතරේ හරිහැටි තේරුම් ගැනීමක් නැති නිසා කියලයි ඇය කියන්නේ. 

ඒ වගේම කෙනෙක් අනිත් කෙනාට හරිහැටි වටිනාකම් දෙන්නැති එකත් දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් සමහා අයට ජීවිතේ ලොකු ලොකු දේවල් නැතත් පොඩි දෙයකින් වුනත් ලොකු සතුටක් ගේන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. 

 ඒ වගේම සමහර පවුල් තියෙනවා කොච්චර ලොකු දෙයක් හස්බන්ඩ් වයිස් වෙනුවෙන් කලත්, වයිෆ් හස්බන්ඩ් වෙනුවෙන් කලත් සැහීමකට පත් වෙන්නේ නැති අය. ඉතින් ඒ හැමදේම තම තමන්ගේ මානසික මට්ටම අනුව වෙනස් වෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය නම් කියන්නේ දෙන්නෙක් කසාද බැඳලා ඩිවෝස් වෙන්න කලින් දරුවන් ඉන්නවා නම් ඩිවෝස් වෙන්න කලින් සිය පාරක් හිතන එක වටිනවා කියලයි ඇය කියන්නේ. මොකද දරුවන් ඉන්න දෙමව්පියන් ඩිවෝස් වෙනවා කියන එක දැන්නම් වැඩිපුර දකින්න තියෙන ලොකු ප්‍රශ්නයක් නිසා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha