ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව එලියට..!ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් (VIDEO)
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමට අනුව පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර තිබුණි.
පරීක්ෂණ කමිටුවේ සභාපතිනි විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත භාර දී තිබේ. කමිටුවේ සෙසු සාමාජිකයන් වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගී වූහ.
මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පසුගිය ජූලි 22 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පත්කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |