පාසල් මිතුරන් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් නිලන්ත ජයවර්ධනගේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි..

By Piyumika Oct 07, 2024 05:48 AM GMT
Report

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට අදාළ රුපියල් මිලියන 75ක වන්දිය මුදල් ගෙවා අවසන් කර තිබෙනවා.

විසික්කරනවානම් මම ගත්තම මොකෝ සිතු සැරයන්ට සිදුවූ දේ..

විසික්කරනවානම් මම ගත්තම මොකෝ සිතු සැරයන්ට සිදුවූ දේ..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව කරුණු දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙන ලදි.

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙසත් අධිකරණය විසින් මීට පෙර ඔහුට නියම කර තිබුණි.

ජපන් යන්න සිහින දකින ඔයා මේ ගැන දැනුවත්ද..

ජපන් යන්න සිහින දකින ඔයා මේ ගැන දැනුවත්ද..

එහෙත් එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණය විසින් කළ නියෝගය පරිදි නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා.

ඊට අදාළව කරුණු දැක්වීම සඳහා අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතිසියකට අනුවයි නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවට පැමිණ ඇත්තේ.

කෙසේ නමුත් එය අද දින ඔහු එය ගෙවා අවසන් කරන ලදී.

ඇගේ වැදුනාට තරහෙන් වැන් රථයකට අලියෙක් කරපු අපරාදයක් ..(PHOTOS )

ඇගේ වැදුනාට තරහෙන් වැන් රථයකට අලියෙක් කරපු අපරාදයක් ..(PHOTOS )

අද පෙරවරුවේ විභාගයට ගැනීමෙන් පසු පස්වරු 1.30 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල නියෝග කළේ, වන්දි මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින්.

අදාළ නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අද‍ාලව නියමවූ වන්දියෙන් හිඟ මුදල වන රුපියල් 65 ක මුදල නිලන්ත ජයවර්ධනගේ පාසල් මිතුරන් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ අරමුදලට බැර කර සිටි බවයි.