එළඹෙන මැතිවරණය නිදහස් පක්ෂය තනියෙන් තරග වැදීමට සැලැස්මක්

Freedom Party
By Thaya Apr 14, 2021 03:40 PM GMT
Report

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට මේ වනවිට සැලසුම්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මේ වනවිටත් ගම් මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බවය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කළේය. "පක්ෂයක් විදිහට අපිට තිබෙන ප්‍රධාන අවශ්‍යතාවය තමයි බලය ඇල්ලීම. පළාත් සභා මැතිවරණය ආවොත් ඒකෙදි අපි සූදානම් පක්ෂයක් විදිහට ඉදිරියට යන්න. විශාල ඉල්ලීමක් තියෙනවා වෙනම තරග කිරීම ගැන."