ලඟදීම මෙරටින් තවත් කොවිඩ් පොකුරු රැසක් - හේතුව මෙන්න

sri lanka Corona virus Covid 19 covid 19
By Sithumi Sep 04, 2021 03:38 PM GMT
Sithumi

Sithumi

Report

රජය පැන වූ පාලන මිලට වඩා වැඩි මිල ගණන්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක්ම අද (04) දිනයේ නීතියේ රැහැනට හසු කරගැනුණි. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ මීට අදාළ වැටලීම් ඉදිරි දිනවලදීත් අඛණ්ඩව සිදුකරන බවය.

පාරිභෝගික කටයුතු අධිකාරිය ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සීනිවලට මෙන්ම සහල් සඳහා ද පාලන මිලක් නියම කෙරුණි. පිටකොටුව තොග වෙළඳපොළේ අද (04) පාලන මිල ගණන් යටතේ සහල් අලෙවිය සිදුවුණි. මේ අතර පාලන මිල ගණන් යටතේ සතොස මගින් අදත් සීනි අලෙවි කරනු දක්නට ලැබුණි.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පැවැති බව දක්නට ලැබේ. මේ අතර රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වවුනියාව නගරයේ වෙළෙඳසැල් කිහිපයක් වැටලිමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

සහල්, සීනි හා තිරිගු පිටි මෙලෙස රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට ඔවුන් විසින් අලෙවිකර තිබේ. මේ අතර සීනි කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසූහ.

පරිභෝජනය සඳහා සීනි ලබා ගැනීමට වෙළෙඳසැල් අසලට රැස්ව සිටින ජනතාව හේතුවෙන් සීනි කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි උන්වහන්සේ පෙන්වාදෙයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එම අදහස් පළකළහ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now