නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද දිවයිනට

Report

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (25) අලුයම දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබීය.

2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වේ.

භාණ්ඩ නෞකාවක් අනතුරට ලක් වේ

භාණ්ඩ නෞකාවක් අනතුරට ලක් වේ

මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතය.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත 

ශ්‍රී ලංකාවේ නිල සංචාරයෙන් අනතුරුව ඒ මහතා ඉන්දියාව සහ නේපාලය බලා පිටත්ව යාමටද නියමිතය. 

අද මේ ලග්න වලට අතමිට සරුවෙන සමාජයේ සැළකිලි ලැබෙන දවසක්

අද මේ ලග්න වලට අතමිට සරුවෙන සමාජයේ සැළකිලි ලැබෙන දවසක්