භාණ්ඩ නෞකාවක් අනතුරට ලක් වේ
By Hashini
ලයිබීරියාවේ ධජය සහිත බහාලුම් නෞකාවක් වන MSC ELSA 3 ඊයේ (24) ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත් වීමෙන් පසු මුහුදේදී පෙරළීමකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ප්‍රධානත්වයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බවත්, එම අනතුර කොචි වෙරළේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් සිදු වූ බවයි.
නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාගෙන් නව දෙනෙකු ජීවිතාරක්ෂක භටයින් විසින් බේරාගෙන ඇති අතර, ඉතිරි කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනා ඉන් ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි සඳහන්.