මීයන් නැති කිරිමේ විසල් ක්‍රියාන්විතයක සිටින නවසීලන්තය.
New Zealand
By krishani
නවසීලන්තය මීයන් විනාශ කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ නවසීලන්තයේ දර්ශනීය අර්ධද්වීපයක් වන මිරාමර් හි වන ජීවි නිළධාරින් විසින් ය.
මෙහි අරමුණ වන්නේ නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් නගරයේ මිරාමර් ප්‍රදේශය තුළ මීයන් තුරන් කිරීම මගින් දේශීය කුරුල්ලන් ආරක්ෂා කර ගැනීමයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙයට සහභාගී වන ස්වේච්ඡා සේවකයන්ට hi-vis ජැකට් පැළඳීමෙන් පසු මීයන් සඳහා සුදුසු ඇමක් ලෙසින් රටකජු බටර් වස සමග ලබා දෙන බවයි.
කෙසේවෙතත්, මීයන් සහ අනෙකුත් විලෝපිකයන් මුලිනුපුටා දැමීම මිරාමර් ප්‍රදේශයේ පමණක් නොව සමස්ත නවසීලන්තයේම ඉලක්කය වේ.