රිජ්වේ ළමා රෝහලට Daycare එකක්

Report

ස්නායුගත ආබාධ සහිත ළමයින් සඳහා ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රජය රු. මිලියන 200ක් වෙන් කර ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. එම දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට රු. මිලියන 250ක් වෙන් කර ඇති බවද අගමැතිනිය පවසනවා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

යුරෝපා සංගමයේ සහාය ඇතිව යුනිසෙෆ් ආයතනය සංවිධානය කළ කළාපීය දැනුම් හුවමාරු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇය මේ සඳහන් කළා.

අගමැතිවරිය මෙහිදී පවසා සිටියේ රජය විසින් 2025 වර්ෂයේදී අයවැයෙන් ළමුන් කේන්ද්‍ර කරගත් විශේෂ මූල්‍යමය ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී ඇති බවය. නිවාසගත හෝ භාරකරුවන් භාරයේ සිටින දරුවන් සඳහා මාසික රු. 5,000ක දීමනාවක් ලබාදීම සඳහා රු. බිලියනයක් වෙන් කර ඇති බවත් සහතික ලත් ළමා නිවාස ආයතන 379කට රු. මිලියන 500ක් වෙන් කර ඇති බවත් ඇය පවසනවා.

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි