ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

Report

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය මැදිරිවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙස දුම්රිය ප්‍රධානීන්ට මීට මසකට පමණ පෙර නියෝග කර තිබේ. නමුත්, එම අඩුපාඩු තවමත් පවතින බව මගීහු චෝදනා කරති.

සමහර දුම්රිය මැදිරිවල විදුලි පංකා කිසිවක්ම වැඩ නොකරන අතර, බොහෝ දුම්රිය මැදිරිවල ක්‍රියාත්මක වන්නේ අතරින් පතර එකක් දෙකක් පමණක් බව ජනතාව සඳහන් කරයි.

මේ වාහනවලට සුබ ආරංචියක් - රජයෙන් කරන්න යන දේ මෙන්න

මේ වාහනවලට සුබ ආරංචියක් - රජයෙන් කරන්න යන දේ මෙන්න

මැදිරිවල ජනෙල් බොහොමයක් කැඩී ගොස් ඇති අතර, තවත් ඒවා විවෘත කිරීමට නොහැකි ලෙස හිරවී තිබේ. වර්ෂා කාලයේදී කිසියම් මැදිරිවල ගමන් කිරීම නොහැකි වීමේ ප්‍රධාන හේතුව වහල දිරා වතුර කාන්දු වීම බව මගීහු පවසයි. දුම්රිය වැසිකිළිවල ද පෙරසේම අපවිත්‍ර පවතී.

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

ඒ වගේම කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රී 7.50ට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ බොහෝ මැදිරිවලට වහලයෙන් ජලය කාන්දුවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්වූහ.

මේ හේතුවෙන් මැදිරි බොහොමයක ආසන තෙමී ගොස් තිබූ අතර, ජනතාව බොහෝ දෙනකු සිට ගමන් කිරීම අපහසු වී තිබුණි. ඊට අමතරව, දුම්රිය ගමන් වාර ගණනාවක්ම අවලංගු වීම සහ දුම්රිය ප්‍රමාදය නිසා මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුගෙන් කළ විමසුමකදී, ඔහු පැවසුවේ මැදිරිවල ඇති අඩුපාඩු යම් ප්‍රමාණයක් නිවැරදි කර ඇති අතර, සෙසු අඩුපාඩු නිවැරදි කිරීමට කාලයක් ගතවන බවයි.

සුරාබදු ලොක්කාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් නිලධාරීන් කුපිත වේ - දැඩි විරෝධයක්

සුරාබදු ලොක්කාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් නිලධාරීන් කුපිත වේ - දැඩි විරෝධයක්