මේ ආණ්ඩුව දවසකට රුපියල් කෝටි 550 ගානේ ණය අරගෙන - චන්න ජයසුමන
නව රජය බලයට පත්වීමත් සමගම පසුගිය මාස හය තුළ පමණක් ආණ්ඩුව රුපියල් ට්‍රිලියනයක ණය ගෙන ඇති බවත් එය දිනකට රුපියල් කෝටි පන්සිය පනහක් බවත් ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
රටේ ධනය උත්පාදනය කිරීමට හෝ ආර්ථිකය ශක්තිමත් කරමින් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට වර්තමාන ආණ්ඩුවටට කිසිදු සැලැස්මක් නොමැති බවද ඔහු මේ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව වසරක කාලයක් තුළ කිසිදු දෙයක් සිදු කර නොමැති බවත් ඉදිරි වසරේද කිසිදු දෙයක් සිදු කරතයැයි බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ වගේම ආණ්ඩුව ණය රැගෙන විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් හෝ අලුත් ඉදිකිරීමක් හෝ අලුත් වැඩ පිළිවෙලක් සකස් කර ඇත්දැයි විමසුවහොත් ඔවුන්ට දීමට උත්තරයක් නොමැති බවද ආචාර්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.