Covid එන්නත් මරණ සඳහා සෘජුවම බලපාන බව හෙළිවේ..නවතම අධ්‍යයනය මෙන්න..

covid19 vaccination covid deaths CDC
By Sewvandhi Sep 11, 2021 05:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් කොරෝනා ආසාදනයෙන් මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නො ලැබූ පුද්ගලයින්ට වඩා 11 ගුණයකින් අඩු බව ඇමරිකානු පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

සී.ඩී.සී. හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත්කර ඇති එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූවන් කොරෝනා ආසාදිත ව රෝහල්ගත කිරීමේ අවස්ථාව ද දස ගුණයකින් අඩු බවයි.

සී.ඩී.සී. ආයතනය මඟින් ඊට අදාළ විද්‍යාත්මක ලේඛණ 03ක් ඉදිරිපත් කර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හමුවේ වූව ද මෙලෙස එන්නත්කරණයෙන් මරණය බොහෝ දුරට වළකන බව තහවුරු වී තිබෙනවා.

රෝහල්ගත කිරීමට සහ මරණයට එරෙහි ව එන්නත්කරණයෙන් ලැබෙන රැකවරණය බොහෝ දුරට ස්ථාවර වන අතර, වයස අවුරුදු 65 ඉක්ම වූවන්ගේ යම් තරමකින් දුර්වල වීමක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් ඔවුන් වෙත 03 වැනි මාත්‍රාවක් නැතිනම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීමට යි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර ඇත්තේ

එමෙන්ම, කෙරෝනා රෝගය ආසාදනය වූවත්, එන්නත් මගින් මරණය නිසැකව ම වළකන බව ඉන්දීය අධ්‍යයනයකින් ද තහවුරු වී තිබෙනවා. ඉන්දීය රජයේ කොරෝනා මර්දන තාක්ෂණ බලකාය මඟින් සිදුකළ මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ඔවුන් විශ්ලේෂණය කර ඇත්තේ, පසුගිය අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ඉන්දියාවේ කොරෝනා ආසාදන සහ මරණ පිළිබඳ දත්තයි. ඒ අනුව අනාවරණ වී ඇත්තේ එක් කොරෝනා එන්නත් මාත්‍රාවක් මඟින් ආසාදිත රෝගියෙකුගේ මරණය සියයට 96යි දශම 6කින් වළක්වන බවයි. එමෙන්ම, එන්නත් මාත්‍රා දෙක ම ලැබූ රෝගියෙකුගේ මරණය එමඟින් සියයට 97යි දශම 5කින් වළක්වන බව හෙළි වී තිබෙනවා.

මේ නිසා එන්නත්කරණය කොරෝනා වෛරසයට එරෙහි ව වඩාත් ම වැදගත් වෙන ආවරණ පලිහ බවයි ඉන්දීය රජයේ කොරෝනා මර්දන බලකා ප්‍රධානී වෛද්‍ය 'විනෝද් කුමාර් පෝල්' සඳහන් කළේ.

මේ නිසා තමන්ට ලැබෙන කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත්, එමඟින් කොරෝනා වෛරසයෙන් සිදුවිය හැකි මරණ වළක්වා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා. එන්නත්කරණයෙන් මරණය වළක්වනවා මෙන්ම, ආසාදිත රෝගීන් රෝහල්ගත කරන තරමට අසාධ්‍ය වීම ද වැළකෙන බව වෛද්‍ය පෝල් පෙන්වා දෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now