අනුරගේ ආණ්ඩුව යළිත් නව බදු පැනවීමක් .? - IMF මීලග වාරිකයත් අවදානමේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.
ඒ, සම්බන්ධව වෙබ් අඩවියක් විසින් පළකර තිබුනේ මෙවැනි වාර්තාවක්,
මේ වසර තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,127 කි.
එම මුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,024 කි. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ මාස 09 ක කාලය තුළදී ඉපැයිය යුතු ඉලක්කගත ආදායම රුපියල් බිලියන 1,518 කි.
නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් අංශවලට ලබාදුන් ලේඛනවල සඳහන් කර ඇත්තේ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 1,498 ක ආදායමක් ඉපැයීමට හැකි බවය. නමුත්, එම මාස නවයක කාලය තුළ එම දෙපාර්තමේන්තුව උපයා ඇත්තේ රුපියල් බිලියන 1,423ක බදු ආදායමකි. මේ අනුව, රුපියල් බිලියන 75ක ආදායම් හිඟයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.
2023/24 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවීමේ කාලය පෙරේදා (30 වැනිදා) දිනයෙන් අවසන් විය.
අදාළ තක්සේරු වර්ෂයේ උපයා තිබෙන බදු ආදායම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලැබුණු සම්පූර්ණ බදු මුදල කොපමණද යන්න අද (02 වැනිදා) පස්වරු 3ට පමණ ප්‍රකාශ කිරීමට හැකි බවත්, බදු ආදායම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නොවූවත්, මහන්සි වී කටයුතු කිරීම මගින් අදාළ බදු ආදායම සපුරා ගැනීමට හැකි බවය. බදු ගෙවන ලෙස තවදුරටත් බදු ගෙවන්නන් දැනුවත් කිරීමට සිදුවන බවද ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, මේ වසර අවසානය වනවිටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,024ක ආදායම් ඉලක්කය වෙත යාම අර්බුදකාරී වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීළඟ වාරිකය ලබා ගැනීමද අවදානම් තත්ත්වයක පවතින බවට තොරතුරු අනාවරණය වේ.
මේ වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.2ක ආදායම් ඉලක්කයක් උපයන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පොරොන්දු වී ඇතත්, බදු ආදායම අඩුවීම නිසා දළ දේශීය නිෂ්පාදිත අගය සියයට 12ක අගයක් දක්වාවත් යාමට නොහැකිවනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
එවැනි අඩු ඉලක්කයක් මත ඉදිරියේදී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයිද එම ආරංචිමාර්ග කියයි.
මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයන් පවසති.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිටදී එම දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතුව තිබූ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,066 කි. බදු ගෙවන්නන් ඉදිරිපත් කරන ලද අභියාචනා, අධිකරණයේ විභාග වන නඩු ආදී කාරණා මත මෙලෙස හිඟ බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, එම සම්පූර්ණ හිඟ බදු මුදලින් රුපියල් බිලියන 657ක් 2013 වසරට පෙර හිඟ බදු බව පැවසේ. තවත් බිලියන 209ක් වසර 2013 ත් 2018 ත් අතර කාලයේ හිඟ බදුය.