අභිනවයෙන් පත් වූ ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !.

Mrs Pavithradevi Wanniarachchi Ranil Wickremesinghe Sri Lanka Politician Cricket Harin Fernando
By krishani Nov 27, 2023 03:01 PM GMT
krishani

krishani

Report

ක්‍රිඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ඉවත් කිරීමෙන් අනතුරුව හිස් වූ අමාත්‍යධූර වලට නව ඇමතිවරුන් දෙදෙනෙක් මීට මොහොතකට පෙර පත් කෙරිණ.

නව ක්‍රීඩා ඇමති හා වාරිමාර්ග ඇමති පත්කෙරේ..!

නව ක්‍රීඩා ඇමති හා වාරිමාර්ග ඇමති පත්කෙරේ..!


ඒ අනුව හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් වාරිමාර්ග ඇමති ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් මෙලෙස පත්කරනු ලැබීය.

එහිදී ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවයි.

අභිනවයෙන් පත් වූ ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !. | New Sports Minister Harin Reveals The Plan

අදහස් දැක් වූ හරීන් ප්‍රනාන්දු මහතා,

"මේ වගකීම ඉතාමත් වැදගත් වගකීමක් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාව අපි සියලුදෙනාම ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේ දී අනුගමන කරන්න ඕනේ ක්‍රියාපිළිවෙත් කිහිපයක් තිබෙනවා.

මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතී අර්ජුන රණතුංග මහතාත්, ඇත්ත වශයෙන්ම සියලු දෙනා එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න.

එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගේන්න උත්සහ කරන්න ඕනේ.

ඒ වගේම ICC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත නැවත් වතවත් හරවාගෙන්න." යනුවෙන් ය.

ReeCha