මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්

Report

2027 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන මගී මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා වන ටයර් සම්බන්ධයෙන් නව ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) අනිවාර්ය කෙරේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, 2026 අංක 08 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ මෙම නව අවශ්‍යතා හඳුන්වා දෙමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

රියදුරන්ගේ ලකුණු අඩු කිරීමක් - අද සිට ක්‍රියාත්මක වන නීතිය මෙන්න

රියදුරන්ගේ ලකුණු අඩු කිරීමක් - අද සිට ක්‍රියාත්මක වන නීතිය මෙන්න

මෙම සංශෝධන මගින් 2024 මැයි 17 දිනැති අංක 2384/35 දරන ගැසට් නිවේදනය යටතේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන රෙගුලාසි තවදුරටත් යාවත්කාලීන කරනු ලබයි.

නව රෙගුලාසි යටතේ, මගී මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා වන වායු පිරවූ ටයර් (pneumatic tires) අදාළ රෙගුලාසිවල 'B' උපලේඛනයට (Schedule B) ඇතුළත් කර ඇත.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ අද දහවල් 1 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ අද දහවල් 1 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

මගී මෝටර් රථ ටයර් SLS 1212 ප්‍රමිතියට අනුකූල විය යුතු අතර, ත්‍රිරෝද රථ සඳහා වන වායු පිරවූ ටයර් SLS 1347 ප්‍රමිතිය සපුරාලිය යුතුය. මෙහිදී අදාළ වන H.S. කේත (HS Codes) වන්නේ මගී මෝටර් රථ ටයර් සඳහා 4011.10.90 සහ ත්‍රිරෝද රථ ටයර් සඳහා 4011.90.10 යන්නයි.

මෙම නව අවශ්‍යතා, 2027 ජනවාරි 1 වන දින හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ගුවන් තොටුපළකට පැමිණෙන අදාළ ටයර් සඳහා බලාත්මක වනු ඇත.

Gallery