රියදුරන්ගේ ලකුණු අඩු කිරීමක් - අද සිට ක්‍රියාත්මක වන නීතිය මෙන්න
රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රියදුරන් සඳහා 'අඩු ලකුණු ක්‍රමයක්' (demerit points system) හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය අද (01) ආරම්භ වේ.
මෙම නියමු ව්‍යාපෘතිය ලබන වසරේ මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරේ.
මෙම නියමු අදියර තුළදී ලකුණු සැබැවින්ම අඩු කිරීමක් සිදු නොවන බවත්, ඒ වෙනුවට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සිදු කෙරෙන බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
රියදුරන් විසින් සිදු කරනු ලබන රථවාහන නීති උල්ලංඝනය කිරීම්වල බරපතලකම මත පදනම්ව ලකුණු අඩු කිරීම සිදු කෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළේය.