ගෙග්‍රරි වැවේ බෝට්ටු පදින්නන්ට විශේෂ දැනුම්දීමක්
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ඊයේ (19) සිදුවූ බෝට්ටු අනතුරත් සමඟ, අද (20) සිට එම බෝට්ටු සේවාව දැඩි නියාමනයකට ලක් කිරීමට පියවර ගත් බව නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි.
සංචාරකයන් දෙදෙනෙකු රැගත් බෝට්ටුවක් තවත් වේගයෙන් පැමිණි බෝට්ටුවක ගැටී පෙරළීමෙන් මෙම අනතුර සිදුවූ අතර, එහි සිටි පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි විය.
අනතුරින් පසු බෝට්ටු හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් කැඳවා ආරක්ෂිත කබා පැළඳීම අනිවාර්ය කිරීමටත්, වේග සීමා පාලනය කරමින් විනයගරුකව සේවාව පවත්වාගෙන යාමටත් උපදෙස් ලබා දී ඇත.
අනතුරට සම්බන්ධ බෝට්ටු පදිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන්ට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
මේ අතර, අනතුරින් සංචාරකයන්ට අහිමි වූ ජංගම දුරකථන වෙනුවෙන් වන්දි ගෙවීමට ද බෝට්ටු හිමිකරුවන් පියවර ගෙන තිබේ.