සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

Report

ලබන මැයි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොමිෂන් සභාව ගනු ලැබූ තීරණයකට අනුව, 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පනතේ 96A වගන්තිය යටතේ මෙම නියෝග නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම 2026 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මෝටර් රථ රක්ෂණ ව්‍යාපාරවල නියැලී සිටින සියලුම බලපත්‍රලාභී රක්ෂණකරුවන් තම රක්ෂණ ඔප්පුහිමියන් වෙත නිකුත් කළ යුත්තේ ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් පමණක් බව පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක් - අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත මෙය ක්‍රියාත්මකයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක් - අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත මෙය ක්‍රියාත්මකයි

එමෙන්ම 2026 මැයි 01 වැනිදා සිට කිසිදු රක්ෂණ සමාගමක් විසින් මෝටර් රථ රක්ෂණය සඳහා භෞතික (Physical) කාඩ්පත් නිකුත් නොකළ යුතු වේ.

අඳාළ පියවර ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සමඟ සමගාමීව මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත්, පොලිස් පරීක්ෂණ ඇතුළු මහජන ආරක්ෂක කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත් මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කරයි.

එසේම අඳාළ නිවේදනය රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව සඳහන්.

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්