තරුණ තරුණියන් වෙනුවෙන් රජයේ නවතම නීතියක්..! මෙම වැරැද්ද කළොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..

Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Nov 12, 2022 02:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක ප්‍රමාණයක් ළඟ තබාගත් අයෙකු වේ නම් ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවමට හෝ මරණ දඬුවමට යටත් වෙයි.

එනම්,තරුණ ජීවිත විනාශ කරමින් සමාජය වෙළාගත් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය මුදාගැනීම සඳහා නව නීති බලාත්මක කිරීමට රජය මේ වනවිටත් පියවර ගෙන තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් දරුණු මානසික රෝගීන් බවට පත්වී ඇති බවය. මුළු සමාජයම වෙළාගෙන ඇති හෙරොයින්, කොකේන් සහ අයිස් වැනි මත්ද්‍රව්‍යවලට මෙරට තරුණ ප්‍රජාව වැඩි වශයෙන් නැඹුරු වෙමින් පවතී.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්තවලට අනුව මේ වනවිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකය. මෙතරම් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට හේතුව කුමක් ද?

ඊට ප්‍රබලම හේතුව වූ නීතියේ පැවති දුර්වලතා සකස් කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ 1986 විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීමෙනි. හෙරොයින්වලට අමතරව මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තරුණ ප්‍රජාව දැඩිව යොමුව සිටි.

ඒ, එම මත්ද්‍රව්‍ය සඳහා රට තුළ නිසි නීතියක් නොපැවතීම හේතුවෙනි. ඒ අනුව, හෙරොයින් සහ කංසා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පැරණි පනතට අන්තර්ගතව තිබුණ ද අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය 161ක් නව පනතට ඇතුළත් කර තිබේ.‍ හෙරෝයින්, කොකේන් හා මොර්ෆීන් ග්‍රෑම් 2ට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගත් අයෙකු මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුමකට යටත්වුවද නව පනත මගින් ඒවාට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ද ඇතුළත් වෙයි.

තාවකාලික වින්දයක් වෙනුවෙන් තමන් මහන්සියෙන් උපයන මුදල් වැය කරන මෙම තරුණ ප්‍රජාවගේ ආයු කාලය ඉතාම කෙටි බව වෛද්‍යවරුන් පවසයි. එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග භාරයට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග යළි වෙළෙඳපොළට නිකුත් වීමට ඉඩ අහුරමින් නව නීතී මෙම පනතට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය තොගයෙන් සාම්පල ලබාගැනීමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය තොගය මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ හෝ වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියේ එම මත්ද්‍රව්‍ය තොග විනාශ කර දැමීමට එම පනතින් නීතීමය ප්‍රතිපාදන සැලසේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha