ඉදිරියේදී මේ බස් රථ සේවාව අත්හිටුවනවා - ත්‍රිරෝද රථ, පාසල් වෑන් හා කාර්යාල බස්වලටත් අලුත් නීතියක් - ප්‍රසන්න

Report

ත්‍රිරෝද රථ, පාසල් වෑන් හා කාර්යාල බස් නියාමනයට අවශ්‍යය නීති වහාම ගැසට් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම ඔහු කියා සිටියේ මේ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට බලය ලබා ගැනීම සඳහා වන පනත් සංශෝධනයක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මහනුවර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

“අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය පවතින්නේ එතරම් යහපත් තත්ත්වයක නොවෙයි. පවතින තත්ත්වයෙන් එය නගා සිටුවීම සඳහා වැඩපිළිවෙළ කිහිපයක්ම ක්‍රියාත්මකයි. ත්‍රීවීල්, පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හා කාර්යාල බස් රථ නියාමනය සඳහා අවශ්‍යය පිරිවිතර සකස් කරමින් තිබෙනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ නියාමනය කරන්න පිරිවිතර සකස් කර අවසන්. ඒ සම්බන්ධයෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හිමියන් පවත්වාගෙන යන වෘත්තීය සමිති සමග සාකච්ඡා කළා. කාර්යාල සේවක ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන්ද පිරිවිතර සකස් කළා. ත්‍රිරෝද රථ සහෝදරයින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි. මූලික කරුණු සම්බන්ධයෙන් එකඟතාවකට සියලු දෙනා පැමිණ තිබෙනවා. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසු ගැසට් කිරීම ඔස්සේ නීතියක් බවට පත් කරනවා. ඉන්පසු අපට පුළුවන් ත්‍රිරෝද රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හා කාර්යාල බස් රථ නියාමනය කරන්න. අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව ඉදිරියේදී අත්හිටුවනවා. මින් ඉදිරියට මෙරට මගී ප්‍රවාහනය සඳහා බස් රථවලට අවස්ථාව ලැබෙන්නේ සාමාන්‍ය හා සුඛෝපභෝගි ඛාණ්ඩ දෙක යටතේ පමණයි. බස් රථ ආනයනය කරන්න අවස්ථාව ලැබෙන්නේත් ස්ටෑන්ඩඩ්, ඩිලක්ස් හා ලක්ෂරි කියන කාණ්ඩ තුන ඔස්සේ පමණයි. ඊට අදාළ නීති කඩිනමින් හඳුන්වා දෙනවා. ඒ වගේම සාමාන්‍ය හා සුඛෝපභෝගි බස් රථ සඳහා පමණක් මගී ප්‍රවාහනයට අවසර හිමිවන අතර අර්ධ සුඛෝපභෝගි සේවාව අහෝසි කරන්න කටයුතු කරනවා. මේ අනුව ඉදිරියේදී බස්වල ප්‍රවේශ පත්‍ර වටිනාකම් පැවතිය හැක්කේ දෙකක් පමණයි. මගී ප්‍රවාහනය සඳහා ලබාදෙන මාර්ග බලපත්‍ර විකුණීම හේතුවෙන් මේ වනවිට එම බලපත්‍ර බොහොමයක් තිබෙන්නේ මුල් හිමිකරු සතුව නෙවෙයි. මෙම තත්ත්වය හේතුවෙන් මතුව තිබෙන අර්බුද මග හරවා ගැනීම සඳහා බලපත්‍ර අයිතිය නිත්‍යානුකූලව මාරු කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. මොකද මේ වනවිට බොහෝ බස් රථවල මගී ප්‍රවාහන මාර්ග බලපත්‍රය තිබෙන්නේ මුල් හිමිකරු සතුව නෙවෙයි. එය අතින් අතට යෑම නිසා ගුණාත්මක මගී සේවාවක් සඳහා අවශ්‍යය නව බස් රථ මාර්ග වලට එකතු කිරීමත් ගැටලුවක් වී තිබෙනවා.”

සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - හෙට අන්තිම දවස රාත්‍රී 10ට පෙර

සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - හෙට අන්තිම දවස රාත්‍රී 10ට පෙර

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්