ත්‍රස්වාදය වැළැක්වීමේ නව පනත ගැසට් කෙරේ.

Sri Lanka Government Of Sri Lanka Sri Lanka Prevention of Terrorism Act
By Wayomi Mar 23, 2023 08:43 AM GMT
Wayomi

Wayomi

Report

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නමුත් එමගින් වෘත්තිය සමිති ක්‍රියාකාරකම් ගණනාවක් අභියෝගයට ලක්වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසන්නේ.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නව පනත් කෙටුම්පත පලකර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදියි.

මෙමගින් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදි සිදුකරනු ලබන ත්‍රස්තවාදි ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රීත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් කරන පුද්ගලයෙකු හදුනාගැනීම, සිරභාරයට ගැනීම, දඩුවම් දීම හා නඩුපැවරීමට අදාල විධිවිධාන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත සකස් කිරිමේ තවත් අරමුණක් වන්නේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත ඉවත් කිරීම සදහාද විධිවිධාන සැලැස්වීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW