අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්..

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා.

ජනපතිගෙන් ගොවීන්ට අපුරු තෑග්ගක්..

ජනපතිගෙන් ගොවීන්ට අපුරු තෑග්ගක්..

හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. 1993 දී නීතිඥ වෘත්තියේ දිවුරුම් දෙමින් නීති වෘත්තියට අත්පොත් තැබූ එම්.ආර්.වයි.කේ.උඩවෙල 1996 වසරේ ජනවාරි 16 වන දින සහකාර අධ්‍යක්ෂ (නීති) ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එක් වී තිබෙනවා.

මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

දැනට කොමිෂන් සභාවේ වසර 28කට අධික සේවා කාලයකට හිමිකම් කියන ඇය කොමිෂන් සභා 07ක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරු 08 දෙනෙකු යටතේ සිය සේවය ලබා දී ඇති බවද සඳහන්.ඇය නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙර අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබෙනවා.