මේ අයට රජයෙන් නව රක්ෂණ මුදලක්

Report

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ධීවර කිමිදුම් කටයුතුවල නිරත වන ධීවර කාර්මිකයන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

දිගු කලක් තිස්සේ කිමිදුම්කරුවන්ගේ සංගමය සහ ඒ ආශ්‍රිත ධීවර කටයුතු වල නිරත පිරිස් විසින් ඉල්ලීම් කර තිබූ රක්ෂණ ආවරණයක් පිළිබඳ අවශ්‍යතාවයට ප්‍රතිචාර ලෙස මෙම විශේෂිත යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ, උච්ච ජීවිත අවදානමකට මුහුණ දෙන කිමිදුම්කරුවන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.

සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි

සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි

ධීවර කර්මාන්තයට අදාළ කිමිදුම් කටයුත්තක නිරතව සිටියදී රක්ෂිතයාට සිදුවන මරණයකදී රුපියල් ලක්ෂ 12ක වන්දියක් ලබා දීමට යෝජනා කර ඇත. එමෙන්ම, මුහුදේ හෝ මිරිදිය ජලාශයක කිමිදුම් කටයුත්තක නිරතව සිටින අතරතුර සිදුවන අනතුරු හේතුවෙන් ඇතිවන තාවකාලික අකර්මණ්‍යතාවද මෙම රක්ෂණ ආවරණය යටතේ ආවරණය කෙරේ.

රුපියල් 1,200,000 හා රුපියල් 1,500,000 දක්වා ආවරණ සහිත විවිධ යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර, වාර්ෂික රක්ෂණ වාරිකය ලෙස ධීවර කාර්මිකයා ගෙවිය යුතු මුදල රුපියල් 1,920ක් පමණක් වේ. මෙම නව රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් ධීවර කිමිදුම්කරුවන්ගේ ජීවිත අවදානම් කළමනාකරණයට ප්‍රායෝගික සහනදායී පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි

සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි