රස්සාවට රට යන අයට අද ඉඳලා අලුත් නීතියක්

Report

අද පටන් (01) ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියාවලට විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයෙන් සහතික කිරීම ක්‍රියාත්මක කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ ඉකුත් ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද තෙක් කල් තැබුණු බවයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

කෙසේ වෙතත් මෙම නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියාවලට ස්වයං මාර්ගයෙන් යොමුවන විට කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශවලින් සහතික කරගත යුතු වේ.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

එසේම ඒ වෙනුවෙන් ගාස්තුව ලෙස අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු බව සඳහන්.

ඊට අමතරව එහි දැක්වෙන්නේ වෘත්තීය කාණ්ඩයේ රැකියාවලට නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් වෙත, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි වේ නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලයෙන් සහතික කරගැනීම අවශ්‍ය නොවන බවයි.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

මෙම තීරණ ගැනීමට හේතුව වී ඇත්තේ ඉකුත් සමයේ මිනිස් ජාවාරම් නිසා මෙරට ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ බැවිනි.

ඒ අනුව එම ගැටලුවලට පිළියමක් වශයෙන් මෙරට ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියාවලට යොමුකිරීම අරමුණු කරන බවත් පවසයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්