රාජ්‍ය සේවකයන් සියලු දෙනා දවසට 5 වතාවක් පල්ලි යා යුතුයි. - නැතිනම් දඬුවම් - අලුත් වූ නීතියක්.
By Wayomi
රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට 5 වතාවක් පල්ලි යා යුතු බවට ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබෙනවා.
එසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඔහු පවසනවා.
ඒ, අනුව රාජ්‍ය සේවකයන්ට පල්ලි යෑමට වෙනම කාලය වෙන් කර දෙන බවත්, එම කාලය ඇතුළත ළඟම ඇති පල්ලියට ගොස් යාඥා කළ යුතු බවත් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.
ඇෆ්ගන් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ අණ පරිදි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතිය වන අතර ඇෆ්ගන්වරුන්ගේ ෂරියා නීතිය ඔවුන්ටම ආවේණික එකකි.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් නිකම යෑමෙන් පසු, තලේබාන්වරුන් යළි බලය අත්පත් කර ගත්තේ 2021 දීය.
බාලිකා අධ්‍යාපනයට තහංචි පැනවූයේත්, කාන්තාවන්ට රැකියා කිරීම වැළැක්වූයේත්, සංගීතය චිත්‍රපට ආදිය ඇෆ්ගනිස්තානයේ තහනම් කළේත් මෙම තලේබාන් රජයයි.