අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)

Astrology
By Wayomi Aug 09, 2024 03:27 AM GMT
Wayomi

Wayomi

Report

බුදගේ වක්‍ර චලිතය නිසා ලොව පුරා සන්නිවේදන ක්ෂේත්‍රය තුළ බිඳ වැටීම්, දත්ත පද්ධති වල අවහිරතා, අන්තර්ජාල සේවා බිඳ වැටීම් හා තාක්ෂණික දෝෂ අගෝස්තු 05 සිට 29 දක්වා වූ කාලය තුළ බුද ග්‍රහයා වක්‍ර චලිතයක යෙදෙයි.

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)


තමා සිටින සිංහ රාශියෙන් ගණ්ඩාන්ත නැකැත් වූ මා සහ අස්ලිස නක්ෂත්‍ර හරහා නැවත අගෝස්තු 22 වන විට කටකයට පිවිසෙන බුදගේ වක්‍ර චලිතය නිසා ලොව පුරා සන්නිවේදන ක්ෂේත්‍රය තුළ බිඳ වැටීම්, දත්ත පද්ධති වල අවහිරතා, අන්තර්ජාල සේවා බිඳ වැටීම්, තාක්ෂණික දෝෂ තත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් ලක්ව තිබෙනවා.

මෙරට තුළ ද සන්නිවේදන සහ මාධ්‍යය ක්ෂේත්‍රයේ කීර්තිමත් අයකුගේ වියෝවීමක් පිළිබඳව අසන්නට ලැබෙනු ඇති අතර , අගෝස්තු 08 වෙනිදා වනවිට වක්‍ර වූ බුද සමඟ ග්‍රහ යුද්ධයකට පිවිසෙන සිකුරු එකී යුද්ධයෙන් ජයගන්නා අතර බුදගේ පරාජයත් සමඟ අගෝස්තු 29 දක්වා වූ ඉදිරි කාලය තුල රටපුරා විවිධාකාර වූ මහජන කැළඹීම් ඇතිවන ස්වරූපයක් පෙන්නුම් කරයි. මේ තත්වය වත්මන් පාලක පක්ෂයට තරමක් අහිතකරවන අතර පාලකයා විසින් දැඩි නීතිමය පියවරයන් ගැනීම තුළ ජනතාව පීඩාවට ලක්වන්නට හැකිය.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.


කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කරන ගොවි ජනතාවට සිය අස්වැන්න සම්බන්ධ පීඩාකාරී තත්ත්ව වලට මුහුණ දෙන්නට සිදුවන අතර ඒ නිසාම විවිධ උද්ඝෝෂණ ආදිය ඇතිවීමේ ප්‍රවණතාවයක් ද නිර්මාණය වන බව පෙනී යයි.

සංචාරක ක්ෂේත්‍රය තුළ යම්කිසි ප්‍රවර්ධනයක් පෙන්නුම් කරන අතර රටේ ආදායම් තත්වය පිළිබඳව සංචාරක කර්මාන්තකරුවන්ට වැඩි අවධානයක් යොමුකරමින් ඉදිරි කාලය යහපත් කරගැනීමට ඉතාම සුදුසු තත්වයන් රැසක් නිර්මාණය කරන බවද පෙනීයයි.

තැපැල් හා දුමිරිය සේවාවන් වල නවීකරණ වැඩපිළිවෙලකට යාම ද සුබදායක වන බව පැවසිය යුතුවේ. වාහන ආනයනය සහ එකලස් කිරීමේ ක්ෂේත්‍ර වලටද ඉදිරි අගෝස්තු 29 දක්වා කාලය සුබදායක වේ. ඒ තුල විශාල වෙනස්කම් රැසකට ද ඉඩකඩ ඇත.

බුද වක්‍ර චලිතයක යෙදෙමින් සිකුරු හමුවේ පරාජයට පත්වී ඇති අගෝස්තු 29 දක්වා කාල සීමාව තුළ බුද්ධියට වඩා පුහු ආටෝපයන්ට මුල් තැනක් ලැබෙන අතර බුද්ධිය පසෙකලා හදවතට මුල් තැන දී තීරණ ගැනීම් සිදුවෙන කාල සීමාවකි. ඒ නිසාම රැවටීම් වලට ලක්වෙන කාලයක් බැවින් හොඳින් සිතාමතා තීන්දු තීරණ ගැනීමට ක්‍රියා කළ යුතුවේ.

ඇරපු අතක් නෑ ආයේ "අප ඉගෙන ගත්තේ ඔබෙන්.."- බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදයි. - (PHOTOS)

ඇරපු අතක් නෑ ආයේ "අප ඉගෙන ගත්තේ ඔබෙන්.."- බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදයි. - (PHOTOS)


විශේෂයෙන් සන්නිවේදන , තැපැල් , ජනමාධ්‍ය , අධ්‍යාපන, දුම්රිය යනාදී ක්ෂේත්‍ර වල රැකියාවේ නියුතු අයට යම් පීඩාකාරී අපහසු තත්ව ඇතිකරවන බවක් පෙනෙන අතර උද්ඝෝෂණ , පෙළපාලි හා ආණ්ඩු විරෝධී ක්‍රියාවන් වලට අනිසි අයුරින් පෙළඹුණහොත් තමන්ට අවාසිදායක තත්ව ඇතිකරවන බව තරයේ සිහි තබා ගැනීම වටී.

ආණ්ඩුව විසින් විවිධාකාර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් හෝ වාණිජ එකඟතාවයන් හා මිලදී ගැනීම් වලට අත්සන් තබන්නට හෝ ගිවිසුම් ගතවන්නට බලාපොරොත්තු වන්නේ නම් හෝ විදෙස් රටවලට විවිධ ව්‍යාපෘති බාර දෙන්නට ක්‍රියා කරයි නම් අගෝස්තු 5 සිට 29 දක්වා කාලය මේ ගිවිසුම් අත්සන් තැබීම් පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුවේ. එසේ නොවුණහොත් ඒවා රටට අහිතකර වීමේ ඉඩකඩක් ද ඇති බව පෙනී යයි.

ඡන්දේට ෆේස්බුක් ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා ගැන හෙළි වූ ඇත්ත.?

ඡන්දේට ෆේස්බුක් ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා ගැන හෙළි වූ ඇත්ත.?


සමස්තයක් වශයෙන් අගෝස්තු 5 සිට 29 දක්වා කාලය තුල රටේ ජනයා හදිසි තීරණ වලට නොයෑම , වචන භාවිතාව පිළිබඳව කල්පනාකාරීවීම, අනවශ්‍ය ගැටුම් කලකෝලාහල වලට මැදිහත් නොවී සිටීම ඉතා වැදගත් වේ.

අනාගතය පිළිබඳව බුද්ධිමත්ව සිතමින් සැලසුම් සකස් කරගැනීමට කොයි කාටත් සුදුසු කාලයක් නිසා මනා සිහි බුද්ධියෙන් ක්‍රියාකිරීම බොහෝ යහපත් බව මතක් කළ යුතුවේ.


පාරම්පරික වෛද්‍යාචාර්‍ය, පාරම්පරික ජ්‍යෝතිෂ හා වාස්තු උපදේශක

රවිශංඛ සේනානායක