EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්
2024 වසරේ දෙවන භාගය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයින්ගේ ගිණුම්වල ප්‍රකාශ ආයතන වෙත යවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
සාමාජිකයින්ට තම යාවත්කාලීන ගිණුම් ප්‍රකාශ තම ආයතනවල පරිපාලන ප්‍රධානීන්ගෙන් ලබාගන්නා ලෙස මහ බැංකුව ඉල්ලා සිටී.
ගිණුම් ප්‍රකාශවල බැර කර ඇති සාමාජිකයින්ගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක, හෝ දායක මුදල් පිළිබඳ පැමිණිලි ඇත්නම්, ඒවා 0112-206690 දුරකථන අංකයට වාර්තා කළ හැකි බවත් මහ බැංකුව දන්වා ඇත.