ලබන වසරේ අයවැයෙන් නිවාස ආධාර ඉහළට රජයෙන් ඉඟියක්

Report

තමන්ගේම අංගසම්පූර්ණ නිවසක් පිළිබඳ දීර්ඝ කාලීන සිහිනය සැබෑ කරමින්, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 05ක් සඳහා ඉදිකළ නව නිවාස ඊයේ (11) දින අදාළ ප්‍රතිලාභීන් වෙත භාරදෙන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකර ඇත.

ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කෙරේ

ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කෙරේ

පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මෙම වසර තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නව නිවාස 250ක ඉදිකිරීම් අවසන් කර ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිත අතර, ඉන් නිවාස 100ක් පමණ පසුගිය ඔක්තෝබර් 05 වනදාට යෙදුණු ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කර තිබේ.

මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, ඉදිරි අයවැයෙන් නිවාස ආධාර මුදල් ඉහළ නැංවීමට රජය සාකච්ඡා කරමින් සිටින බවත්, මහණ කළ දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බවත්ය.

එමෙන්ම වත්මන් තත්ත්වයන්ට ගැළපෙන පරිදි අදාළ නීති සංශෝධනය කිරීමට ද කඩිනමින් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.